මියගිය දැරියගේ සිරුර යලි ගොඩ ගැනීමට නියෝගයක් : රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු පිරිස රිමාන්ඩ්

July 26, 2021 at 5:10 PM

නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරියක් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් අගෝස්තු 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ඒ අදාළ සැකකරුවන් අද (26) යළි කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් කෙරුණා.

එමෙන්ම මියගිය දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.