නිවස අහිමි වූ රන්ජන්ට, මන්ත්‍රී මනුෂ ගෙන් නිවසක් (VIDEO)

July 26, 2021 at 2:41 PM

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමණායකට හිමිව තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමන නිවස ඔහු නියෝජනය කරනු ලබන සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාරට හිමිව තිබෙනවා.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දඬුවම් හිමිවූ රන්ජන් රාමණායක ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වූ අතර, එම හේතුවෙන් ඔහුට මන්ත්‍රී නිල නිවාසය යළි භාරදෙන ලෙස දැනුම් දෙනු ලැබුවා.

එම මන්ත්‍රි නිල නිවාසය භාර ගනු ලැබූ මනුෂ නානායක්කාර මන්ත්‍රිවරයා කියා සිටියේ අදාළ නිවසේ සිට හිටපු මන්ත්‍රී රන්ජන් රාමණායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට සිය කටයුතු පවත්වා ගෙන යෑමට අවසරය ලබා දෙන බවයි.

එමෙන්ම තමන් මන්ත්‍රී ධුරය දරන තෙක් රන්ජන් රාමණායකට එම නිවසේ සිය අමුත්තෙක් ලෙස සිටිය හැකි බවයි මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කියා සිටියේ.