වාහන අංක තහඩු තැපෑලෙන් එවන්න සැලසුම් කරයි

July 25, 2021 at 10:14 AM

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ එහි පළමු අදියර වශයෙන් වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

“තැපැල් සේවයේ වාර්ෂික ආදායම බිලියන 9ක්. බිලියන 14ක වියදමක් යනවා. බිලියන 5ක මුදලක් භාණ්ඩාගාරයෙන් ගන්න වෙලා තියෙනවා. අපේ පළවෙනි ඉලක්කය ආදායම වැඩිකර ගැනීම. ඒ නිසා RMV එකෙන් ලබලා දෙන වාහන අංක තහඩු ගෙදරට ගෙනල්ලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒක ගන්න යන්න වෙනවා. පොඩි ගාණක් අපි ඒකට අය කරනවා.”

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කර සිටියා.