රිෂාඩ් ගේ නිවසේ මෙහෙකාර දැරියගේ මරණයේ විමර්ශන ගැන පොලිසිය නිකුත් කළ නිවේදනය

July 25, 2021 at 7:36 PM

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී පිලිස්සී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ෂණ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අනුව දැනට සිදුකරනු ලබන විමර්ශන වලදී පුද්ගලයින් 35 දෙනෙකු ගෙන් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගනු ලැබූ මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් හෙට දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.