එන්නත ලබා ගත් / නොගත් පුද්ගලයින් ගැන වාර්තාවක් සකස් කරන්න යයි

July 25, 2021 at 8:54 AM

සෞඛ්‍ය හා ග්‍රාමීය කමිටු මාර්ගයෙන් ග්‍රාම සේවා වසම් 14000 තුළ කොවිඩ් එන්නත ලබා ගත් අයගේ හා ලබා නොගත් අයගේ වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

වාර්තාවන ආකාරයට මෙරටට ගෙන්වන ලද සයිනොෆාම්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනිකා, ෆයිසර්, ස්පුට්නික් V යන එන්ත්වලින් පළමු මාත්‍රාව මිලියන 6.3ක් ලබා ගෙන තිබේ. දෙවැනි මාත්‍රාව මිලියන 1.7ක් ලබාගෙන ඇත. ලබන සැප්තැම්බර් මාසය අවසන් වන විට එන්නත් ලබාදීම අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොවිඩ් කාර්ය සාධක බලකායේ දී මෙම තොරතුරු අනාවරණය විය. වයස අවුරුදු 18ට අඩු පිරිසටද එන්නත් ලබා දීමට මෙහි දී යෝජනාවක් ඉදිරිපත් විය.

විදේශ ගත වන ශ්‍රමිකයන්ට හා සිසුන් සඳහා ෆයිසර් එන්නත ලබා දීම යුද හමුදා රෝහලෙන් සිදු කිරීමටද මෙහි දී තීරණය විය. රෝහල්වලදී මිය යන පුද්ගලයන්ගේ කොවිඩ් හා වෙනත් රෝගවලින් මිය යන්නන් වෙන වෙනම හඳුනා ගෙන කොවිඩ් මරණ අඩු කර ගැනීම කෙරෙහි විද්‍යාත්මක විමර්ශනයක් කිරීමටද මෙහි දී යෝජනාවක් ඉදිරිපත් විය.

( උපුටා ගැනීම : අරුණ පුවත්පත)