එන්නත්කරණයෙන් ඊයේ තැබූ වාර්තාව

July 25, 2021 at 12:28 PM

දිනක් තුළ වැඩිම කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ඊයේ දිනයේ සිදුකර තිබෙනවා. යේ දිනය තුළ පමණක් කොවිඩ් මර්දන එන්නත් 412,211ක් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේ.

එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 306,622ක් සඳහාත් එහි දෙවන මාත්‍රාව 35,720 ක් සඳහාත් ලබාදී තිබේ.

ඊට අමතරව මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 69,830ක් සඳහා ඊයේ දිනයේ ලබාදී ඇති අතර ස්පුට්නික් V එන්නතේ දෙවන මාත්‍රාව 39ක් සඳහාත් ලබාදී ඇත.

ඒ අනුව මේ වනවිට මෙරට පුද්ගලයින් 90 ලක්ෂ 7,559 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාදී අවසන්.

එන්නත් මාත්‍රා දෙකම පුද්ගලයින් 17 ලක්ෂ 93,472 කට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර ලබන සතියේ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් දිවයිනට ලැබීමට නියමිතව තිබෙන බව