රිෂාඩ් ගේ බිරිඳ ඇතුළු සිව්දෙනා රඳවා ගෙන ප්‍රශ්න කිරිමට අධිකරණයෙන් අවසර

July 24, 2021 at 12:20 PM

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳව පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කිරුළපන පොලීසියට අධිකරණය අද අවසර ලබා දෙනු ලැබුවා.

ඒ ඇය ඇතුළු සැකකරුවන් සිව් දෙනා අද කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අනෙක් සැකකරුවන් තිදෙනා බොරැල්ල පොලීසියේ පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අවසර දී තිබෙනවා.

ඒ අතර රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳගේ පියා, ඇයගේ සහෝදරයා සහ දැරියව රැගෙන පැමිණි තැරැව්කරු ද වනවා.