රංජන්ට ජනාධිපති සමාව ඉල්ලා කලාකරුවන් එක්වෙයි

July 24, 2021 at 11:19 AM

අධිකරණයට අපහාස කිරිම හේතුවෙන් වසර 04 ක කාලයක් සඳහා සිරදඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරිමට කළාකරුවන් පිරිසක් එක්වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට ලිපියක් භාර දීමට නියමිත බවයි මේ සම්බන්ධයෙන් රංජන් සහ අපි කලා හවුල නම් සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.