අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම් දීමක්

July 23, 2021 at 11:48 AM

අගෝස්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අන්තර් පළාත් බස් සහ දුම්රිය සේවාවන් ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පළාත් අතර සංචරණ සිමා පැනවීම හේතුවෙන් දුම්රිය සහ බස් රථ සේවාවන් තහනම් කිරීමට පසුගියදා තීරණය කෙරුණා.