තවත් සයිනොෆාම් මාත්‍රා මිලියන 02ක් දිවයිනට රැගෙන එයි

July 22, 2021 at 6:42 AM

ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබූ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම රැගෙන විත් තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානා දෙකකින් එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළ වෙත ගෙනවිත් ඇති බවයි ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.

ඒ අනුව මේ වනවිට මෙරටට ගෙන්වා ඇති සමස්ථ සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 9.1ක් වනවා.