ඔලිම්පික් ගම්මානයේ කාර්ඩ්බෝඩ් ඇදන් (VIDEO)

July 21, 2021 at 9:55 PM

මෙවර ඔලිම්පික් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම දැන් ජපානයේ, ටෝකියෝ අගනුවර වෙත පැමිණ ලඟා වී තිබෙනවා.

ටෝකියෝ ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් ගම්මානයේ නව නවාතැන්පලකට පැමිණ ඇති අතර ඔවුන්ට ලැබී ඇති නවාතැන් පහසුකම් මොනවාදැයි සොයා බලමින් සිටිනවා.

ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුවන්ට ලබා දී ඇති නවාතැන් පිළිබඳ වන වීඩියෝවක් පිහිනුම් පුහුණුකරු මනෝජ් අබේසිංහ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණා.

ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් පවසන්නේ ක්‍රීඩා ගම්මානයේ ඇති ඇඳන් “ක්‍රීඩා උළෙලෙන් පසු ප්‍රතිචක්‍රීකරණය කොට කඩදාසි බවට පත් කරන” බවයි.

“අපි ටෝකියෝ 2020 ක්‍රීඩා උළෙල සඳහා භාවිතා කරනු ලබා භාණ්ඩ හා ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරනවා වගේම එම කටයුත්ත ප්‍රවර්ධනය කරනවා” යැයි තරගාවලියේ සංවිධායකයින් සිය තිරසාර පුර්ව ක්‍රීඩා වාර්තාව එළිදක්වමින් ප්‍රකාශ කර තිබුණා.