සයිනොෆාම් එන්නතේ ක්‍රියාකාරිත්වය ගැන සිදුකළ නවතම පර්යේෂණයේ ප්‍රථිපල

July 20, 2021 at 9:59 AM

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ගෙන් 95% කගේ සිරුර තුළ ප්‍රතිදේහ ගොඩ නැගෙන බව මෙරට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනය විසින් සිදුකළ පර්යේෂණයකින් අනාවරණය කර ගෙන තිබෙනවා.

සයිනොෆාම් එන්නත මඟින් මේ වනවිට ලොව පුරා පැතිර යන කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයට ද ඉතා හොඳ රැකවරණයක් ලැබෙන බවයි එම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම එය ඩෙල්ටා සහ බීටා කොවිඩ් වෛරස ප්‍රභේදයන් ට එරෙහිව ඉතා හොඳ රැකවරණයක් ලබාදෙන බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනයේ පර්යේෂකයින් විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයෙන් අනාවරණය වී ඇත්තේ.