කොවිඩ් ආසාදිත පුද්ගලයින් 5,000ක් සුවය ලබයි

July 19, 2021 at 4:41 PM

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 5,172 දෙනෙකු සුවය ලබා අද දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 261,848 ක් දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

තවත් පුද්ගලයින් 19,305 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.