යුනියන් ඇෂුවරන්ස් INVESTMENT +

July 15, 2021 at 5:00 PM

ජීවිත ආවරණය සමඟ අද්විතීය ආයෝජන අවස්ථාවක්

යුනියන් ඇෂුවරන්ස් INVESTMENT + සමඟ පාරිභෝගිකයින්ට දැන් ජීවිත ආවරණය සමඟ අද්විතීය ආයෝජන අවස්ථාවක්,  එනම් ජීවිත ආවරණය සමඟ 7.5% වාර්ෂික සරල පොලී අනුපාතයක් යටතේ සහතික කරන ලද පූර්ණත්ව ප්රතිලාභයක් ලබා ගත හැකිය. INVESTMENT + යනු ප්‍රතිපත්තිමය කාලසීමාව අවසානයේ සහතික කළ මුළු ප්‍රතිලාභයක් සමඟ,දරුවෙකුගේ අධ්‍යාපනය, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ විශ්‍රාම අරමුදලක් ලෙස කෙටිකාලීන මූල්‍ය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කදිම ආයෝජන විසඳුමක් සේ හැඳින්විය හැක.

INVESTMENT + රක්ෂණ ඔප්පුහිමියන්ට කෙටි කාලීන අවුරුදු තුනක සැලකිය යුතු ප්‍රාග්ධනයක් ගොඩනැගීමට අවස්ථාව ලබා දෙයි. මෙහිදී අරමුදලේ කාල සීමාව සඳහා රැකවරණය සපයන අතර රක්ෂිතයාගේ අකල් වියෝවක දී යැපෙන්නන් සඳහා  සම්පූර්ණ සහතික කළ ප්‍රතිලාභයක් ලැබෙනු ඇත. ප්‍රතිලාභ සඳහා අයදුම්කරුවන් සාධාරණ යහපත් සෞඛ්‍ය තත්වයක් යටතේ සිටිය යුතු  අතර සහ වයස අවුරුදු 18 ත් 65 ත් අතර විය යුතුය.

පවත්නා අඩු-පොලී පරිසරය තුළ, INVESTMENT + යනු මහඟු කෙටිකාලීන ස්ථාවර ආයෝජන විසඳුමක් ලෙස සැලකිය හැක.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරය වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු සහ, මෙරට වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ රක්ෂණ සමාගම් අතරින් එකක් වන යුනියන් ඇෂුවරන්ස් සමාගම, 2021 මාර්තු  මාසය වනවිට බිලියන 18.4 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 43.3 ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ, 306% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio – CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ. දිවයින පුරා විසිරුණු ශාඛා 76 ක් සහ 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සමගින් යුනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ පරිවර්තනයන්ට සාර්ථක ලෙස මුහුණ දෙමින්, මානව සම්පත්, සේවාවන් හා ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා දිගින් දිගටම ආයෝජනයන් සිදුකරමින් සිටී.