නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවෙස් නිරෝධායනයට

July 14, 2021 at 4:49 PM

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිවෙස් නිරෝධායනයට යොමු කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ කාර්යාලයේ සේවය කරන අයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් එලෙස ඔහු නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර ඇත.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ.