ක්‍රිකට් බලධාරින් අද ජනපති හමුවෙයි

July 14, 2021 at 11:59 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානීන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිත බව ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ටිවිටර් සටහනක් තබමින් පවසනවා.

මෙහිදී පාසලේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රිකට් සංවර්ධනය කිරීම සඳහා වන කෙටිකාලීන හා දිගු කාලීන උපායමාර්ගය පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.