TECNO නවතම මාදිලිය CAMON 17ළඟදීම වෙළඳපොළට

July 11, 2021 at 9:11 PM

ලොව වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන TECNO සිය නවතම දුරකථන මාදිලිය වන CAMON 17 ළඟදීම වෙළඳපොළට හඳුන්වා දීමට සැලසුම් කරඇත. Android මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් මෙම දුරකථන වලට අතිනවීන අංග රැසක් ඇතුළත් වී තිබේ. Android11, HIOS 7.6 OS සහිත මෙහි MediaTek Helio G85 (12 nm) chipset සමග Octa-core (2×2.0 GHZ Cortex-A75 & 6/18 GHz Cortex-a55) ප්‍රොසෙසරයක් යොදා ඇත. 48MP ප්‍රධාන කැමරාව සහ 16MP කැමරාව උසස් තත්ත්වයේ ඡායාරූප ලබාදීමට සමත් වන අතර, මිලිමීටර් 9 ක් වැනි සිහින් නිමාවකින් යුත්, පහසුවෙන් අතෙහි රඳවාගත හැකි ලෙස නිමවා ඇති මෙය ආකර්ෂණීය Frost Silver වර්ණයෙන් ලබාගත හැකි වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් TECNO Mobile – Sri Lankaහි අධ්‍යක්ෂ Ray Zhao මහතා මෙසේ පැවසී ය. “අපගේ නවතම CAMON 17 මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. CAMON 17 යනු සාමාන්‍ය පාරිභෝගිකයන්ට හොඳින් ගැළපෙන, අලංකාර, සහනදායී මිලකට ලබාගත හැකි ස්මාර්ට් දුරකථනයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත ප්‍රොසෙසරයක් මෙයට යොදා තිබෙනවා. එහි හුරුබුහුටි නිමාව සමග විශිෂ්ට ඡායාරූප හැකියාව එය භාවිතා කරන්නන්ට සුවිශේෂී අත්දැකීමක් ලබාදේවි. අතිනවීන තාක්ෂණය සමගින් අද දවසේ අධිවේගී ලෝකයේ ඉදිරියට යාමට අවශ්‍ය වන නවීනතම තාක්ෂණය පොදු ජනතාව වෙත සමීප කරවීම, සන්නාමයක් ලෙස අපගේ මූලිකම අරමුණයි.”

CAMON 17 මාදිලිය හඳුන්වා දීමට සමගාමීව තවත් මාදිලි 4 ක්, එනම් SPARK 7, SPARK 7 Pro, CAMON 17 Pro සහ POVA 2 යන මාදිලිද හඳුන්වා දීමට TECNO කටයුතු යොදා තිබේ. මීට පෙර හඳුන්වා දුන් SPARK 6 මාදිලියට ලැබුණු ප්‍රතිචාර වලට සමාන උණුසුම් ප්‍රතිචාරයක් නව මාදිලි වලටද ලැබෙනු ඇතැයි Ray Zhao මහතා විශ්වාසය පළකළේ ය.

ජාත්‍යන්තර වෙළඳපොළ වෙත පිවිසීම සම්බන්ධ සිය ක්‍රමෝපායේ එක් පියවරක් වශයෙන්, ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පී ක්‍රිස් එවන්ස් තම සන්නාම තානාපතිවරයෙකු ලෙස සම්බන්ධ කරගැනීමට TECNO කටයුතු කර තිබේ. ඒ සම්බන්ධයෙන් ක්‍රිස් එවන්ස් සිය අදහස් පළකළේ මෙසේ ය. “TECNO සමග අත්වැල් බැඳගැනීමට ලැබීම මට මහත් සතුටක්. TECNO යනු නැගී එන වෙළඳපොළ වලට විශිෂ්ටතම ස්මාර්ට් දුරකථන තාක්ෂණයන් හඳුන්වා දීම ඉලක්ක කරගත් නිර්මාණශීලී ස්මාර්ට් දුරකථන සන්නාමයක් ලෙස හැඳින්විය හැකියි. එහි සන්නාම තානාපති ලෙස එක්වෙමින් එහි සන්නාම දර්ශනය වන ‘Stop at Nothing’ යන්න නිරූපණය කිරීමට ලැබීම ගැන මා බෙහෙවින් සතුටු වනවා.”

නව දුරකථන මාදිලි හඳුන්වා දීමට සමගාමීව CAMON 17/17 Pro දුරකථන වලට යොදා ඇති කැමරා වල හැකියාවන් විදහා පෑම සඳහා, ක්‍රිස් එවන්ස් රංගනයෙන් දායක වන “Rise of the Selfie” වාර්තා වැඩසටහනද ප්‍රථම වරට විකාශය කෙරෙනු ඇත. CAMON 17 හි ඇතුළත් කැමරාව දැනට වෙළඳපොළේ ඇති දුරකථන අතරින් වඩාත්ම පැහැදිලි ඡායාරූප ලබාදෙන සෙල්ෆි කැමරාව ලෙස සැලකේ.

නව දුරකථනය හඳුන්වා දීමේ අවස්ථාවට රංගන හා නිරූපණ ශිල්පී රොෂෙල් රොජර්ස්, ඡායාරූප /සිනමා ශිල්පී Cjay,සංචාරක ව්ලොග්කරුවන් වන මාෂි (greenfolk_girl)සහ සහන් පෙරේරා ඇතුළු ජනප්‍රිය තරු රැසක් සහභාගී වීමට නියමිත ය. 2016 වසරේ සිටම සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජයේ නිල ටැබ්ලට් සහ හෑන්ඩ්සෙට් හවුල්කරු ලෙස කටයුතු කරන TECNO කවදත් දේශීය හා ජාත්‍යන්තර තරු සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන සන්නාමයකි.

ජංගම දුරකථන ක්ෂේත්‍රයටමෑතකදී පිවිසුණු සන්නාමයක් වුවද TECNO දැනටමත් ජංගම ඡායාරූප හා වීඩියෝ තාක්ෂණයන් සඳහා AI හෙවත් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී සොයාගැනීම් සිදුකළ සන්නාම කිහිපය අතරින් එකක් ලෙස සැලකේ. මේ ආකාරයේ නවීනතම තාක්ෂණයන් භාවිතා කරමින් දෘඪාංග හා මෘදුකාංග තාක්ෂණයන් සියල්ල එක්තැන් කරන පොදු තාක්ෂණ හා උපාංග එකතුවක් නිර්මාණය කිරීම සඳහා TECHNO මේ වනවිට පුළුල් මට්ටමින් පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදුකරමින් සිටී. 2020 වසරේදී TECNO පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා සිදුකළ ආයෝජනයන්, ඊට පෙර වසරට සාපේක්ෂව 30% කින් වැඩි වී ඇත.

ටෙනිස් ක්‍රීඩා පිටියක් තරම් විශාල වූ ලොව විශාලතම flip book නිර්මාණය හඳුන්වා දෙමින් ගිනස් වාර්තාවක් තැබීමත් සමගම TECNO ලොව විශාල පිරිසකගේ අවධානය දිනාගැනීමට සමත් විය. TECNO නිෂ්පාදන අප්‍රිකානු රටවල් වෙත හඳුන්වා දීම වෙනුවෙන් ක්‍රියාවට නංවන ලද මෙම flip book ව්‍යාපෘතියේ ඡායාරූප සියල්ල ලබාගන්නා ලද්දේ CAMON 15 Premier දුරකථනයේ ඇතුළත් වූ කැමරාව භාවිතා කරමිනි. මීට අමතරව, ලොව පුරා තම ආවරණ පරාසය ඉහළ නංවා ගන්නා අතරම, 2020 වසරේදී ඉන්දියානු වෙළඳපොළේ තමන් සතු ප්‍රතිශතය 200% කින් වර්ධනය කරගැනීමට TECNO සමත් විය.

නව දුරකථන මාදිලි එකතුව හඳුන්වා දීම 2021 ජූලි 16 වන දින,TECNO නිල Facebook සහ YouTube ගිණුම් හරහා සජීවීව විකාශය කිරීමට සැලසුම් කර ඇති අතර,එය නරඹන්නන්ට වටිනා තෑගි පිරිනැමීමටද TECNO කටයුතු යොදා ඇත.