එකවර මෙරටට රැගෙන ආ වැඩිම කොවිඩ් එන්නත් තොගය

July 11, 2021 at 9:05 AM

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 02ක් අද අළුයම දිවයිනට රැගෙන ආවා. චීනයේ බිජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකකින්.

ගුවන් තොටුපළ වෙත රැගෙන ආ මෙම එන්නත් තොගය ගුවන් යානා වලින් ගොඩ බෑමෙන් පසුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගැල් ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගැණුනා.

අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එම සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත මෙම එන්නත් තොගය රැගෙන ගිය බවයි කටුනායක ගුවන් තොටුපලේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

අද ලැබුණු මෙම එන්නත් තොගය මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු මාත්‍රාව නොලැබුණු අයට ලබාදීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.