ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්තව ඇත්දැයි සොයා පරීක්ෂණ

July 10, 2021 at 12:33 PM

ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්තව ඇත්දැයි සොයා ක්‍රියාත්මක මෙහෙයුම් දැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට ලක් කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව එවැනි අවදානමක් පවතින බවයි.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියේ.