ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරුට කොරෝනා ආසාදනය වෙයි

July 8, 2021 at 6:55 PM

ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හට කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එංගලන්ත සංචාරය නිමවා යලි සිය රට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සහ පුහුණු කාර්ය මණ්ඩලය මේ වන විට නිරෝධායනයට යොමු කොට තිබෙනවා.

නැවත දැනුම් දෙන තුරු ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට සිය හෝටල් කාමර වලින් පිටතට නොයන ලෙස උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඉන්දීය තරග සංචාරය සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක බවයි ශ්‍රී ලන්කා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.