අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන මහින්ද ජයසිංහ අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පමුණුගම පොලීසිය මගින් ඔහුව සහ තවත් පුද්ගලයෙකුව එලෙස අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර අධිකරණය මගින් දී තිබූ නියෝගයට පටහැනිව කටයුතු කර ඇති බවට පෙනීගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එම උද්ඝෝෂණයට සහභාගී වූ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.
මේ අතර නිරෝධායන රීති කඩ කරමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් වන සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු සෙසු සැකකරුවන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර සිටියා.
