“ඔලිම්පික් යනවට ආසාවෙන් බලා සිටි සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලනවා, මට ඒක කර ගන්න බැරි වුනා” – ධාවන ශුරි නිලානි තැබූ සටහන

July 6, 2021 at 2:04 PM

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබද බලාපොරොත්තු තබා සිටි මීටර් 3,000 කාන්තා බාධක දිවීමේ ධාවන ශූරිය වන නිලානි රත්නායකගේ එම සිහිනය බොදව ගොස් තිබෙනවා. ඒ, බලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්.

කෙසේ වෙතත් ඇය තමන්ට ඔලිම්පික් වරම් අහිමිවුවත් ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලිය නියෝජනය කරනු ලබන සියලු දෙනා වෙත සිය සුභාශිංසන පිරිනමා තිබුණා. මේ ඒ අයුරින්.

” මුලින්ම සුභ පතනවා ඔලිම්පික් වරමි ලැබු මගෙ රටෙි සිංහයින්ට.ඒක හැමෝගෙම ලොකුම සිහිනය . .. 2021 පටන් ගන්නවාත් එක්ක මම මගේ සිහිනය පස්සෙ දිවිවා ඒ වෙද්දි මම කෝටා රෑන්ක් වල 34 වන තැන හිමි වෙලා තිබූ නිසා.⁣මෙි වසරේ පලමු තේරීම් තරගයට සහභාගි වුනේ ලොකු බලාපොරොත්තුවක් සමග.ඒත් අවාසනාවන්ත විදියට මට මගේ රේස් එක මම හිතපු ටයිමින් වලට දුවන්න බැරි වෙනවා .ඒකට හේතුව මගේ බාධක 5 ම මගේ දුවන පුමානයට වඩා උස්සලා තිබීම නිසා.එතකොට ඔක්කොම 35.එකෙන් මම ලොකු ආබාධයකට ලක් වෙනවා..සති 2ක් විතර කාලයක් කකුලට බහෙත් කරනවා..ඒකෙන් මට පුහුණුවීම් අතරමග නවතිනවා..ඒත් ආපහු මම බොහොම පොඩි කාලයකින් National championship වලට සහභාගි වෙලා 9.53 දුවනවා…මට එදා මීට වඩා එක තත්පරයක් දුවාගන්න පුළුවන් වුනා නමි මටත් අද ඔලිම්පික් සිහිනය සැබෑකරගන්න තිබුනා .අවුරුද්ද මුල ප්ලෑන් කරලා ලකුණු හදා ගන්න පුළුවන් තරගයක් වත් දුන්නා නමි ..එක්කො මගෙ කඩුළු උස්සලා නොතිබුනානමි ජාත්‍යන්තර තරගයක් ඔීන වෙන්නෙ නෑ.අවුරුදු ගානක මගෙ දහඩිය මහන්සිය මහන්සිය.ගෙදරක් අමතක කරලා ආසාවෙන් ආද⁣රයෙන් හැමදේම කලා …කිසිම කීුඩිකයෙක්ට මෙවන් අසාධාරණයක් සිදු නොවෙිවා…මාව ආදරයෙන් බලා ගත්ත මගෙ යුද හමුදාව ,මගේ පවුල,⁣මගෙ සර්ගෙ පවුල,අනික් සියලු දෙනාටමත් මුහුණු පොත් මම වෙනුවෙන් සුභ පතපු සියලු දෙනාටමත් මම හදවතින් ස්තුති වන්ත වෙනවා.මම ඔලිම්පික් යනවට ආසාවෙන් බලා සිටි සියලු දෙනාගෙන් මම සමාව ඉල්ලනවා මට ඒක කර ගන්න බැරි වුනා🙏🙏🙏මට සමාවෙන්න”