ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 26,000ක් දිවයිනට

July 5, 2021 at 9:16 AM

අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට රැගෙන ආවා. දකුණු ආසියානු කලාපයේ රටක් විසින් මුදල් දී ලබා ගත් පළමු ෆයිසර් එන්නත් තොගය මෙය වන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සදහන් කළේ.

ශ්‍රී ලංකාව මිළ දී ගත් ෆයිසර් එන්නත් ලක්ෂ 02 ක ප්‍රමාණයෙන් පළමු කොටස අද අලුයම මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබුවා. එම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩ බෑ සැනින්, කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩා සංකීර්ණයේ විශේෂ අධිශීතකරණ තුළ ගබඩා කිරීමට කටයුතු කෙරුණා.

අනතුරුව විශේෂ අධිශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.