හෙට සිට ක්‍රියාත්මක නව මාර්ගොපදේශ මාලාව : ආපනශාලා විවෘත කිරිමට අවසර

July 4, 2021 at 3:39 PM

හෙට දිනයේ සිට ජුලි මස 19 වෙනිදා දක්වා බලපැවත්වන පරිදි පළාත් අතර සංචරණ සීමා තහනම දීර්ඝ කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර තිබෙනවා.

හෙට සිට ජුලී මස 19 වෙනිදා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

නව මාර්ගෝපදේශ මාලාව අනුව මේ දක්වා වසා තිබු ආපනශාලා දැඩි සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව විවෘත කිරිමට අවසර හිමිව ඇත.

එමෙන්ම විවාහ උත්සව සහ ගෘහආශ්‍රිත උත්සව පැවැත්වීම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව තහනම් කර ඇත.