සංචරණ සිමා කඩ කළ බස් රථයේ කොවිඩ් ආසාදිතයින් 03 දෙනෙක්

July 2, 2021 at 8:39 PM

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ධාවනය කළ බස් රථ 3ක් මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේදී පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබුවා.

එම බස් රථ තුනෙහි රියැදුරුවරුන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බස් රථ තුනේ මගීන් 49 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් කොවිඩ් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

ඉන් එක් බස් රථයක සිටි මගීන් 3 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනා ගෙන ඇති අතර පසුව එම ආසාදිතයින් සිටි බස් රථයේ අනෙක් පුද්ගලයින් 17 දෙනා සෞඛ්‍ය බලධාරීන් විසින් නිරෝධායනයට යොමු කර ඇත.