තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

July 1, 2021 at 9:11 AM

ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 3ක අයත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.

එලෙස හුදකලා කළ ප්‍රදේශ වන්නේ.

යාපනය දිස්ත්‍රික්කය :

කයිට්ස් පොලිස් බලප්‍රදේශයේ,
කරෛයිනගර් ග්‍රාම නිලධාරී වසමේ කල්ලිත්තේරු කොටස
කලවන්තාලව් කොටස

මහනුවර දිස්ත්‍රික්කය :

මහනුවර පොලිස් බලප්‍රදේශයේ,
සුදුහුම්පල බටහිර ග්‍රාම නිලධාරී වසමේ වෙළමැද පාරගම

නුවරඑළිය දිස්ත්‍රික්කය :

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,
ඩන්සිනන් ග්‍රාම නිලධාරී වසමේ මැද කොටස