හුදෙකලා කිරීමේ නවතම නිවේදනය

June 28, 2021 at 8:02 AM

අද (28) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක් එලෙස හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

එලෙස හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ:

රත්නපුර දිස්ත්‍රික්කය

නිවිතිගල පොලිස් බලප්‍රදේශයේ,
නොරගල්ල ග්‍රාම නිලධාරී වසමේ,
නොරගල්ල ඉහළ කොටස

යක්දෙහිවත්ත ග්‍රාම නිලධාරී වසමේ,
පින්කන්ද වත්ත 1
පින්කන්ද වත්ත 2

පාතකඩ ග්‍රාම නිලධාරී වසමේ,
පින්කන්ද වත්ත 3

මොනරාගල දිස්ත්‍රික්කය

මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
හිදිකිවුල ග්‍රාම නිලධාරී වසමේ,

නක්කලවත්ත ග්‍රාමය
මිල්ලකැලේ වත්ත ග්‍රාමය