තවත් ග්‍රාම නිලධාරි වසම් 05ක් හුදෙකලා කෙරේ

June 27, 2021 at 9:01 AM

දිස්ත්‍රික්ක 03කට අයත් තවත් ග්‍රාම නිලධාරීවසම් 05ක් අද පෙරවරු 06සිට හුදෙකලා කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස් වසමට අයත් තලාහේන දකුණ ග්‍රාම නිලධාරීවසමේ විජය මාවත සහ ජයගත් මාවත, තලාහේන උතුර ග්‍රාම නිලධාරීවසමේ සත්සර මාවත, ඉසුරු මාවත සමණල මාවත සහ තැපැල් පෙට්ටිය හංදිය යන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලිස් වසමට අයත් කහන්ගම කොස්ගලවත්ත ග්‍රාම නිලධාරීවසම සහ පැල්මඩුල්ල පොලිස් වසමට අයත් බෝපැත්ත ග්‍රාම නිලධාරීවසමද අද පෙරවරු 06සිට හුදෙකලා කර තිබෙනවා. නුවරඑළිය පොලිස් බල ප්‍රදේශයට අයත් කැටබුලාව මධ්‍යය කොටසද අද පෙරවරුවේ සිට හුදෙකලා කරුනු බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.