කොවිඩ් නීති බිඳ දමමින් සිය කාර්යාල සේවිකාව සිප ගත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි

June 27, 2021 at 1:32 AM

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ කොවිඩ් වසංගත හේතුවෙන් දැඩි නීති පනවා තිබු පසුබිමක එම නීති උල්ලංඝණය කළ බවට පිළිගනිමින්.

බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ඇමතිවරයා සිය කාර්යාලයේ සේවිකාවක් සිප වැලඳ ගන්නා අයුරු දැක්වෙන ජායාරූපයක් පසුගියදා එරට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණා.

ඊයේ දිනයේදී සෞඛ්‍ය ඇමතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට භාරදී තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබුනේ එම ලිපිය ලැබීම ගැන තමන් කණගාටු වන බවයි.

“වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අපි රටක් ලෙස බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කළ බවට,” සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් එම ලිපියේ සඳහන් කර තිබේ.

” මෙම වසංගතයේදී බොහෝසෙයින් කැපවීම් කළ පුද්ගලයින්ට අප ණයගැති වන්නෙමු. නමුත් ඔවුන් ගේ විශ්වාසය බිඳ වැටෙන අයුරින් කොවිඩ් නීති උල්ලංඝණය වනවා. ඒ මම කටයුතු කළ ආකාරය නිසා” මැට් හැන්කොක් සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.