කොවිඩ් ආසාදනය වී එකම පවුලේ තිදෙනෙකු මියයයි

June 26, 2021 at 2:30 PM

කොවිඩ් ආසාදනයෙන් එකම පවුලේ තිදෙනෙකු මියගිය සංවේදී පුවතක් පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. එලෙස මියගොස් ඇත්තේ එම පවුලේ 72 හැවිරිදි පියා , 70 හැවිරිදි මව සහ 38 හැවිරිදි ඔවුන්ගේ පුත්‍රයායි.

කොවිඩ් ආසාදනයත් සමග මොවුන් තිදෙනාටම අවස්ථා කිහිපයකදී ශ්වසන අපහසුතා හටගෙන තිබෙන අතර ඔවුන් මියගොස් ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදීය.

මීට අමතරව එම පවුලේ සෙසු සාමාජිකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් තිදෙනා මේ වනවිට පැණිදෙනිය ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර සිටිනවා.

“මේ වගේ එකම පවුලේ 3 දෙනෙකු කොහොමද මිය ගියේ කියලා අනිවාර්යයෙන්ම සොයාබැලිය යුතු දෙයක්. වැදගත්ම දේ තමයි මෙවැනි තත්ත්වයක් වැළැක්වීමට රජය හැටියට, සෞඛ්‍ය සේවය හැටියට සහ පවුලක් හැටියට ගතහැකිව තිබුණු පියවර ගෙන තිබුණා ද නැතිනම් නොසැලකිල්ලක් සිදුව තිබුණා ද කියලා සොයාබැලීම. ඉදිරියේදී එවැනි මරණ ඇතිවීම වළක්වන්න ඒ අනුව අපිට කටයුතු කරන්න පුළුවන්.” මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා.