ASUS සන්නාමයේ ප්‍රමුඛතම ZenBook මාදිලියට එක්වූ නවතම ලැප්ටොප් පරිගණක අන්තර්ජාලය මගින් එළි දක්වයි

June 25, 2021 at 12:49 PM

ලොව ප්‍රමුඛ පෙළේ පරිගණක සන්නාමයක් වන ASUS සිය ප්‍රමුඛතම ZenBook මාදිලියේ පරිගණක අතරට එක් කරන ලද නවතම ලැප්ටොප් පරිගණක ද්විත්වය, පසුගියදා අන්තර්ජාලය මගින් පවත්වන ලද එළි දැක්වීමේ උත්සවයකදී ශ්‍රී ලාංකීය වෙළෙඳ පොළ වෙත එළි දක්වන ලදී. ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත එලෙස පිරි නමන ලද මෙම 4K OLED 15.6 “ZenBook Pro Duo 15 OLED (UX582) සහ ප්‍රධාන බහු කාර්ය ZenBook Duo 14 (UX482EG) ලැප්ටොප් පරිගණක ද්විත්වය, සිත් ඇද ගන්නාසුලු  ZenBook කාර්මික සැලසුමෙහි විකාශනයක් වන අතර, ඉකුත් වසරේ ඒ සඳහා 2021 CES® නවෝත්පාදන සම්මානද හිමි විණි.

මෙම විශේෂ එළි දැක්වීමේ උළෙල, ASUS ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුව සහ යූ ටියුබ් නාලිකාව ඇතුළුව අන්තර්ජාල අවකාශ ගණනාවක් ඔස්සේ සජීවීව විකාශනය කරන ලද අතර, පරිගණක වෙළෙඳ පොළෙහි නවතම විප්ලවය වන ලැප්ටොප් ද්විත්වය එම අවස්ථාවට සහභාගි වූ විශාල ප්‍රේක්ෂක පිරිසකගේ අවධානයට පාත්‍ර විණි. ඒ සඳහා සහභාගී වූ ජනප්‍රිය තරු දෙපළක් වන ස්ටෙෆනි සිරිවර්ධන සහ දුෂ්‍යන්ත් වීරමන් විසින් ප්‍රේක්ෂකයින් පිනවන ලද අතර, චනුක්ස් බ්‍රෝ, රැට්ටෙක්, පී. සී ගයිඩ් එල්. කේ සහ එස්. එල් ගීක් යන ශ්‍රී ලංකාවේ තාක්ෂණික යූ ටියුබ් ක්ෂේත්‍රයේ ප්‍රකට තරු විසින් මෙම ප්‍රබල ලැප්ටොප් පරිගණක ද්විත්වයෙහි පුළුල් හැකියාවන් පිළිබඳ එහිදී අදහස් දක්වන ලදී.  මෙම උළෙල උත්සවය මඟ හැරුණු පිරිසට සමස්ත උළෙල ASUS හි ශ්‍රී ලංකා යූ ටියුබ් නාලිකාව මගින් මෙන්ම, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් අවකාශ මගින්ද දැන් නැරඹිය හැකිය.

ZenBook Pro Duo 15 OLED  යනු Intel Core i9 ප්‍රොසෙසරයකින් බල ගැන්වෙන,  NVIDIA GeForce RTX 3070 laptop GPU තිර ගණනාවක කාර්යයන් සැහැල්ලුවෙන් සිදු කළ හැකි පරිදි 32GB RAM එකකින් සමන්විත ලැප්ටොප් පරිගණකයකි. එහි 1TB PCIe 3.0 x4 SSD දක්වා වේගවත් දත්ත ගබඩා කිරීමේ ඉඩකඩක් පැවතීම හේතුවෙන්, ඕනෑම නිර්මාණාත්මක කාර්යයක් වේගවත් කිරීමට මෙන්ම කාර්යක්ෂමතාව වැඩි කිරීමටද එය උපකාරී වේ. එමෙන්ම, එය NVIDIA GeForce RTX 30 මාදිලියේ ලැප්ටොප් GPUs සහිත පළමු NVIDIA ලැප්ටොප් පරිගණක අතරින් එකක්ද වේ. NVIDIA හි ඇතුළත් RTX මගින් නිර්මාණකරුවන් හට එම මොහොතේදීම කිරණ සොයා ගැනීම, කෘතිම බුද්ධි හැකියාව සහ වීඩියෝ කේතකරණය සඳහා GPU ධාරිතාව ලබා දෙයි. ZenBook Pro Duo 15 OLED හි ඇති 4K OLED HDR NanoEdge ටච් ස්ක්‍රීනය රාමු රහිත පැති හතරේ ස්ලිම් බෙසල් නිමාව සමගින් තිර අවකාශය පුළුල් කරමින්, 93% ක පුළුල් screen-to-body ratio හැකියාවක් පාරි‍භෝගිකයින් හට පිරි නමයි.

2021 ZenBook Duo 14 ලැප්ටොප් පරිගණකය, එහි පෙර මාදිලියට වඩා ග්‍රෑම් 50 ක් සැහැල්ලු බවින් මෙන්ම, 3 mm ක සිහින් බවින් යුතුව, එනම් බර 1.6kg ක් පමණක් හා 16.9 mm ක් තරම් සිහින් බවින් යුක්තව මෙවර පරිශීලකයින් අතට පත් වෙයි. එමෙන්ම, එය 32 GB ක් දක්වා LPDDR4X 4266 MHz මතක ධාරිතාවක් මෙන්ම, 1TB PCIe 3.0 NVMe SSD දක්වා සහය දක්වන 11 වන Gen Intel® Core™ i7 ප්‍රොසෙසරයකින් සමන්විත වෙයි. ZenBook Duo 14 (UX482EG) ලැප්ටොප් පරිගණකයෙහි කාර්ය භාරය වේගවත් කිරීමේ හැකියාව සහිත විකල්ප බලවත් NVIDIA® GeForce® MX450 GPU ද පවතී. 3D මාර්ක් ටයිම් ස්පයි යෙදවුම් සහ වීඩියෝ ක්‍රීඩා සඳහා වේගවත්, සුමට අන්තර්ගතයන් නිර්මාණය කීරීමේදී පරිශීලකයින් හට එමගින් GeForce® MX250 ග්‍රැෆික්ස් වලට වඩා දෙගුණයකින් වේගවත් කාර්ය සාධනයක් අපේක්ෂා කළ හැකිය.