තවත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදෙකලා කෙරේ

June 25, 2021 at 8:23 AM

දිස්ත්‍රික්ක 5කට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් අද උදෑසන 6 සිට හුදෙකලා භාවයට පත් කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් හුළං කපොල්ල ග්‍රාම නිළධාරී වසම, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම පොලිස් බල ප්‍රදේශයට අයත් යටදොල ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්න වත්ත ප්‍රධාන කොටස, යටදොල ග්‍රාම නිලධාරී වසමේ අඹේතැන්නවත්ත ක්ලේ කොටස, මන්නාරම දිස්ත්‍රික්කයේ තලෙයිමන්නාරම පොලිස් බල ප්‍රදේශයට අයත් තලෙයිමන්නාරම ජැටිය බටහිර කොටස, තලෙයිමන්නාරම ජැටිය නැගෙනහිර කොටස, යාපනය දිස්ත්‍රික්කයේ කරවෙඩ්ඩි පොලිස් බල ප්‍රදේශයට අයත් කරණවායි ග්‍රාම නිලධාරී වසම සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් පොත්තකන්ද ග්‍රාම නිලධාරී වසමේ නොරගල්ලවත්ත ඉහළ කොටස, පනාවැන්න ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 01 කොටස, පනාවැන්න ගාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 5 කොටස, කපුහේන්තොට ග්‍රාම නිලධාරී වසමේ පැල්මඩුල්ල වත්ත අංක 5 කොටස මෙලෙස අද පෙරවරු 6 සිට හුදෙකලා කර තිබෙනවා.

මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයට අයත් 233 වත්ත ග්‍රාම නිලධාරී වසම, මහවත්ත පාර ග්‍රාම නිලධාරී වසම යන ග්‍රාම නිලධාරී වසම් දෙකෙහි මේ දක්වා පනවා තිබූ හුදෙකලාභාවය ඉවත් කර තිබෙනවා.