ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ බවට සැක රෝගියෙකු මාදිවෙලින් හමුවෙයි

June 21, 2021 at 12:30 PM

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

” මෙම ප්‍රදේශයේ සිදුකළ PCR පරීක්ෂණයෙන් අදාළ රෝගියාගේ ජෛව සාම්පල් පරීක්ෂණයේ යම් වෙනසක් තිබෙන බවට පර්යේෂණාගාරය මගින් දැනුවත් කිරීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විටත් අප අවශ්‍ය කටයුතු සිදුකරගෙන යනවා.

ඒ වගේම අදාළ ආසාදිතයාගේ ජෛව සාම්පල් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා” යැයි  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා.