සංචරණ සීමාවන් ජුනි 21 වෙනිදා ඉවතට

June 18, 2021 at 1:34 PM

සංචරණ සීමාවන් අද ලබන 21 වෙනිදා සිට අලුයම 4.00ට ඉවත් කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එලෙස ඉවත් කරනු ලබන සංචාරණ සීමාවන් ජුනි 23 වෙනිදා රාත්‍රී 10.00 සිට ජුනි 25 වෙනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කෙරෙනු ඇති.

පළාත් අතර සංචරණ සීමාවන් තහනම් වන අතර, උත්සව සහ ප්‍රසිද්ධ ස්ථාන වල රැස්වීම තවදුරටත් තහනම් වේ.

යුද හමුදාපතිවරයා Newswire වෙත පැවසුවේ උදාහරණයක් වශයෙන් සංචරණ සීමාවන් ඉවත් කෙරෙන කාල සීමාවේදී ගාලු මුවදොර වැනි පොදු ස්ථානවල ගැවසීම සම්පුර්ණයෙන් තහනම් බවයි.