ඉන්ධන මිල ගැන යලි කතාකලේ නෑ. කලබගෑනිය ගැනත් කතාකලේ නෑ- ගම්මන්පිල ගේ හෙලිදරව්ව.

June 15, 2021 at 6:15 AM

ඉන්ධන මිල ඉහල දැමීම ගැන හෝ එමප්‍රශ්න ය හා බැඳුණු දේශපාලන කලබගෑනිය ගැන යලි කතා බහක් ඇති නොවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි

ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු දේශපාලන සජීවී වැඩසටහන කට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කලේය

ඉන්ධන මිල ඉහල නැංවූයේ මාස හතරක සංවාදයකින් හා අධ්‍යයනයකින් පසුව බව පැවසූ ඔහු ඒ ගැන යලි කැබිනට් මණ්ඩලයේ කතාබහක් ඇති නොවූ බව පැවසීය.

ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා ද සහභාගි වී නැත.

ඉන්ධන මිල වැඩි කිරීම හරහා එහි ඉල්ලුම අඩුවනු ඇතැයි අපේක්ෂා කරන නමුත් ඒ කිනම් ප්‍රමාණයකින් දැයි අනාවැකි පළකල නොහැකි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.