ඇමෙරිකා ප්‍රිමියර් ලීග් තරගාවලියට “පුංචි රණතුංගත්” එක්වෙයි

June 15, 2021 at 8:30 PM

අමෙරිකාවේ මිනෝර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් 27ක සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම සංචිත සඳහා ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙක් ඇතුළත්ව සිටින අතර එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිකර දුන් අර්ජුන රණතුංග ගේ පුත්‍රයාද ඊට ඇතුලත්වීම විශේෂත්වයක් වනවා.

සති 06ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය ජුලි මස 31 වෙනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලිය සඳහා පළමු පෙළ ක්‍රීඩකයින් 80 දෙනෙකු පමණ එක්වෙන අතර ඉන් බහුතරයක් දෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වීමව විශේෂත්වයක්

මෙම තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වන්නේ :

ඕෂාන් රණතුංග සහ ෂෙහාන් ප්‍රනාන්දු – Hollywood Master Blaster
ෂෙහාන් ජයසුරිය – Silicon Valley Strikers
රවිඳු ගුණසේකර – New Jersey Cavaliers
ඉසුරු කුරුවිටගේ – FT. Lauderadale lions
අමිල අපොන්සෝ – Atlanta Fire
ගයාන් ප්‍රනාන්දු සහ පිටර් විට්ටච්චි – Socal Lashings