මරණ පරණ නොකර වාර්තා කිරීමේ සැලසුමක්

June 14, 2021 at 11:40 AM

කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කිරීමේදී පසුගිය පැය 48 හෝ 24 තුළ සිදුවෙන සියලුම මරණ ඒ ඒ දිනයේ දී වාර්තා කිරීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මීට පෙර කළ පරිදි පසුගිය දිනවල සිදුවූ මරණ මෙම නව ක්‍රමවේදය යටතේ වාර්තා නොකරනු ඇත.

“මීට ප්‍රථම දෛනිකව මරණ වාර්තා කරනු ලැබුවේ පසුගිය දිනවල මරණ ඇතුළුව සමස්ථ මරණ.

නමුත් අද දින සිට කොවිඩ් ආශ්‍රිත මරණ වාර්තා කරනු ලබන්නේ පසුගිය පැය 48 තුළ සිදුවෙන මරණ සියල්ලම ඒ දිනයේදී වාර්තා වන ලෙසයි.

ඒ අනුව දිනයක් ඇතුළත සිදුවෙන සියලුම මරණ වාර්තා කරන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා.

ඒ අනුව පැය 48ත් පැය 24ත් තුළ සිදුවෙන සියලුම මරණ ඒ දිනයේදී වාර්තා කරන්න කටයුතු කරනවා.”

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන එලෙස පැවසීය