ලකුණු 200ක් රැස්කළ සංගක්කාරගේ පිතිකරණය ගැන පියා කියූ දේ

June 14, 2021 at 1:52 PM

එතෙක් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පිට පිට එක්දින තරග 04කදී ශතක වාර්තා කළ ලොව එකම පිතිකරුවා කවුද කියා විමසුවොත් එයට දිය හැකි එකම පිළිතුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාර යනුවෙනි.

කුමාර් සංගක්කාර සම්බන්ධයෙන් ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදියෙකු වන රෙක්ස් ක්ලේමන්ටයින් විසින් තබා තිබු අපුරු සටහනයි මේ,

“කුමාර් සංගක්කාරගේ පළමු පුහුණුකරු වූයේ ඔහුගේ පියායි. ක්ෂේමා සංගක්කාර වන ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය නීතිඥවරයෙක් ද වනවා. වකාර් යුනිස් සහ ෂොයිබ් අක්තාර් යන ප්‍රහාරයන්ට එරෙහිව ටෙස්ට් තරගයකදී කුමාර් සංගක්කාර ලකුණු 200 ක් වාර්තා කළ විට පවා, ඔහු තම පුතාගේ පිතිකරණය වචන කිහිපයකින් විස්තර කර සිටියේ ‘ඔබ බූරුවෙකු මෙන් පන්දුවට පහර දුන්නා’ යනුවෙනි.

එක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවී සිටියාය. මධ්‍යම රාත්‍රියේදී හෝටල් පිළිගැනීමේ නිලධාරියා පැමිණ කුමාර් සංගක්කාර හට සංගාට දැනුම් දුන්නේ ඔහුට මහනුවරෙන් ෆැක්ස් පණිවිඩයක් ලැබුණු බවයි. එම පණිවිඩය ලද විගස සංගක්කාර කලබලයට පත්වුයේ එවැනි කාලයකදී ෆැක්ස් පණිවිඩයක් ඒවා තිබුණේ කවුරුන්ද යනුවෙන් වන දෙගිඩියාවෙන්ය.

එම ෆැක්ස් පණිවිඩය ඒවා තිබුනේ සංගක්කාර ගේ පියා විසින්ය. ෆැක්ස් එකේ තිබුණේ කුමක්ද? ඔහුගේ පියා ඩොන් බ්‍රැඩ්මන්ගේ ‘ද ආර්ට් ඔෆ් ක්‍රිකට්’ පොතේ පිටපත් කිහිපයක් ගෙන ඇති අතර, එහි සම්පුර්ණයෙන් විස්තර කර තිබුනේ පිතිකරුවෙකු forward defence පහර එල්ල කරන්නේ කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.”

මේ අතර ඊයේ දිනයේදී ICC හෝල් ඔෆ් ෆේම් හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම නම් අතරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ නමත් ඇතුළත් කර තිබෙනවා. එම ගෞරවයට පාත්‍ර වූ දෙවන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා වුයේ කුමාර් සංගක්කාරයි.