ඇමති ප්‍රසන්නගේ නිවේදනය මහාමාර්ග අමාත්‍යාංශය ප්‍රතිකෙෂ්ප කරයි

June 14, 2021 at 9:16 PM

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ කොටසේ වැඩ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති වාර්තාව අසත්‍යයක් බව මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයට හේතුව මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිසා වුවක් ද යන්න සම්බන්ධයෙන් සොයා බලන තෙක් ගම්පහ කොටසට අදාළ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ නිවේදනය කර සිටියේ.

කෙසේ වුවත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකරන බව දන්වමින් මහා මාර්ග අමාත්‍යාංශ ලේක්ම්වරයා නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ..