නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
එය නිරෝධායන නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 31,391 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර රාජගිරිය, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී ඊයේ සිදු කළ ඩ්‍රෝන මෙහෙයුමකදී සංචරණ සීමා උල්ලංඝණය කළ පුද්ගලයින් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර මත්පැන් සාද පැවැත්වීම, ප්‍රියසම්භාෂණ පැවැත්වීම පිළිබඳ අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළේ.