නින්දාසහගත තීන්දුව ආපසු හරවා ඉන්ධන මිල අඩු කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

June 13, 2021 at 12:26 PM

ඉතිහාසයේ නිර්ලජ්ජිතම සහ නින්දා සහගතම ඉන්ධන මිල වැඩි කිරිමේ තීන්දුව ආණ්ඩුව විසින් ගත් බවත් එම තීන්දුව මේ වන විට රට පුරා දැඩි ආන්දෝලනයක් ඇතිකර තිබෙනවා.

සමගී ජනබල වේගය පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර බල අරගලයන් නිසා අවසානයේ ගිලටීනයට යන්නේ ආණ්ඩුවේ කිසිවෙකුත් නොව අහිංසක ජනතාව බවයි.

එමෙන්ම වැඩිකළ ඉන්ධන මිල වහාම හකුලා ගන්නා ලෙසද විපක්ෂ නායකවරයා සිට නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත.