දෙහිවල සිට කොළඹ දක්වා ගාලු පාර භාවිතා කරන රියැදුරන්ට දැනුම් දීමක්

June 13, 2021 at 10:47 PM

ගාලු පාරේ දෙහිවල සිට කොළඹ දක්වා ගමන්ගන්නා සියලුම වාහන හෙට (14) සිට වැල්ලවත්තෙන් මුහුදුබඩ මාර්ගයට හරවන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

කොළඹ මහ නගර සභාව විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ මලාපවහන නල මාර්ගයක් අළුත්වැඩියා කිරීම හේතුවෙන් එම විකල්ප මාර්ගය භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

කෙසේ නමුත්, කොළඹ සිට දෙහිවල දක්වා ගමන් කරන වාහන සඳහා මෙම තීරණය අදාළ නොවන බව පොලීසිය සඳහන් කර සිටිනවා.