උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධතියක් සාදන්න බස් රථ ගිල්වයි (PHOTOS)

June 13, 2021 at 9:04 AM

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදේ ජෛව විවිධත්වය වැඩි කිරීම සඳහා කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය නාවික හමුදාවේ දායකත්වයෙන් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ආරම්භ කර තිබෙනවා.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන මෙම ව්‍යාපෘතිය මඟින් යාපනය දූපත් ආශ්‍රිත වෙරළාසන්න මුහුදු ප්‍රදේශයේ කෘතීම උපස්තර සාදා නව සමුද්‍රීය පරිසරයක් නිර්මාණය කිරීම සඳහා භාවිතයෙන් ඉවත් කළ බස්රථ මුහුදේ ගිල්වීම සිදු කරනු ලැබුවා.

තවද, මෙම ව්‍යාපෘතිය මඟින් වෙරළාසන්න මුහුදේ ඇති වන ජෛව විවිධත්වය සමඟින් අනාගතයේ වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම අපේක්‍ෂා කරන අතර, මේ සඳහා ඉදිරියටත් නාවික හමුදාව අවශ්‍ය සහයෝගය ලබාදීමට කටයුතු කරනු ලබයි.