ගිනිගත් නැවෙන් ඉල්ලන පළමු වන්දිය

June 12, 2021 at 6:31 AM

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් දුරින් ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදුවූ මූලික හානි වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 40ක මූලික වන්දියක් අදාල නෞකාව අයත් සමාගමෙන් ඉල්ලීමට නීතිපතිවරයා තීරණය කර තිබේ

අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මේ බව හෙලි කෙරිණ.

නෞකාව ගිනිගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ පාරිසරික හානිය ඇතුළු සෙසු හානි වලට වන්දි මුදල් ගණනය කිරීම පංච පුද්ගල අමාත්‍ය කමිටුවක ප්‍රධානත්වයෙන් සිදු කිරීමටත් තීරණය වී තිබේ.

අදාල ගණනය කිරීම් සඳහා ජාත්‍යන්තර නීති උපදේශක සහය අවශ්‍ය නම් ඒවා ලබා ගැනීමටත් මෙහිදී තීරණය කෙරිණ.