නිරූපිකාවක් නිසා යටපත් වූ ලංකාවේ පාරිසරික හානිය ගැන ජාත්‍යන්තර සඟරාවක් කතා කරයි

June 12, 2021 at 10:12 PM

සමාජ මාධ්‍ය තුල සිටින නිරූපිකාවක් ශ්‍රී ලංකාවේ ප්‍රබලතම පාරිසරික හානිය දෙවන තැනට ඇද දැමීම සම්බන්ධයෙන් ලොව ප්‍රධාන පෙලේ සඟරාවක් වන economist විසින් වාර්තාවක් පළකර සිටිනවා.

එම වාර්තාව අනුව පසුගිය සතිය තුලදී ලාංකිකයින් වැඩි වශයෙන් මාතෘකාව බවට පත්ව ඇත්තේ පියුමි හංසමාලිය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු බත්වූ දිනයේදීම 28 හැවිරිදි නිරූපිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි ඇතුළු පිරිස රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සහභාගීවීම නිසා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.

මෙම සිදුවීමත් සමග ගුගල් සෙවුම් යෙදවුම ඇතුළු අන්තර්ජාල පරිශීලකයින් අතර වැඩි ලෙස සෙවූ සිදුවීම බවට පත්ව තිබුනේ පියුමි හංසමාලි බවයි economist වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.

පුරා සති දෙකක කාලයක් කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා මෙරට සාගර කළාපයට සහ පරිසරයට ඇතිවූ හානිය සම්බන්ධයෙන් ලාංකිකයින් තුල ඇතිවූ සංවාදයන් සියල්ල ක්ෂණිකයින් යටපත්වූ ආකාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සඟරාවක් වන economist විසින් පළකර තිබෙන සම්පුර්ණ වාර්තාව පහතින් :

https://amp.economist.com/asia/2021/06/12/an-influencers-rant-overshadows-an-ecological-disaster-in-sri-lanka?__twitter_impression=true