මත්පැන් බැරලයක් පුපුරා පුද්ගලයෙකු ජිවිතක්ෂයට

June 12, 2021 at 8:46 AM

අම්පාර, සමන්තුරේ ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටිය දී මත්පැන් බැරලයක් පුපුරායෑමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම අනතුරින් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

බැරලය පුපුරායෑමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි මල්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කරුණු සඳහන් කර සිටියේ.

ඊයේ (11) අලුයම් කාලයේ දී නීතිවිරෝධී මත්පැන් පෙරමින් සිටිය දී එම අනතුර සිදුව ඇති බවට සමන්තුරේ පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබෙනවා.