තෙල් මිල වැඩිවීමට හේතු පහදන ඇමති (VIDEO)

June 12, 2021 at 12:27 PM

මෙරට ඉන්ධන මිලට සාපේක්ෂව අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව රටවල් රැසක පවතින්නේ ඉහල මිලක් බව ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් කරුණු පැහැදිලි කරමින් කියා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඛණිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවයි. පළමු මාස 04 තුලදී පමණක් බිලියන 45ක පාඩුවක් ලබා ඇති බවත් මෙය බැංකු කේෂ්ත්‍රයට බලපෑම් එල්ල කරන බව පැවසූ අමාත්‍යවරයා, එමගින් රටේ ආර්ථික ස්ථායිතාවයට ද ගැටලුවක් ඇති වන බව ප්‍රකාශ කළා.

මෙම කරුණු පදනම් කර ගනිමින් ඉන්ධන මිල වැඩිකිරීමට සිදුවන බවයි ඔහු කියා සිටියේ..

VIDEO :

https://fb.watch/644-uU3uHv/