තහවුරු කළ කොවිඩ් මරණ ගණන 62 ක්

June 12, 2021 at 11:03 AM

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ තවත් කොරෝනා මරණ 62 ක් තහවුරු කරනු ලැබීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2073 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව ගෙවුණු දිනයේ (11) කොවිඩ් මරණ වාර්තා වී නොමැති අතර තහවුරු කරන ලද මරණ වාර්තා වී ඇත්තේ, මැයි 08 සිට මැයි 31 දක්වා මරණ 07 ක් සහ ජුනි 01 සිට ජුනි 10 දක්වා මරණ 55ක් ලෙසයි.