ඉන්ධන මිල වැඩි කලේ පොදුජන පෙරමුණ සහ පක්ෂ නායකත්වය අප්‍රසාදයට ලක් කිරීමටද ? පක්ෂ ලේකම්ගෙන් නිවේදනයක්

June 12, 2021 at 7:45 PM

කොවිඩ් අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය අඩාල වීජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවයකට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළට දමා මෙම අසිරූ අවස්ථාවේදී පිඩාවට පත්ව සිටින ජනතාව තවත් අසිරූතාවයට පත්වනආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්ත්වයකට රජය පත් කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ දැඩි අවදානය යොමු වී ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතාවාදී රජයක් පිහිටුවාගෙන විශාල අභියෝග රැසකට මුහුණදෙමින් රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවී කටයුතු කරන මෙවන් අවස්ථාවකදී උවමනාවෙන්ම ශ්‍රී ලංකා පොදුජන පක්ෂය සහ එහි නායකයින් අප්‍රසාදයට පත් කිරිම උදෙසා මෙවැනි තත්ත්වයක් ඇතිකරනු ලැබෙන්නේ ද යන සාධාරණ වූ සැකයක් ඇතිවී තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.