සුවය ලැබූ සජිත් !

June 11, 2021 at 9:49 AM

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මැතිණිය කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්හ.

පසුගිය දින කීපය තුළ රෝහල් ගතව සිටි විපක්ෂ නායක තුමා සහ මහත්මිය සුවපත් වීමෙන් පසුව මෙලෙස තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටියහ.

මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායක තුමා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබූහ.

විපක්ෂ නායකතුමන් හට නිදුක් නීරෝගී සුවයෙන් ඉදිරි සියලු කටයුතු කිරීමේ වාසනා ශක්තිය ලැබේවායි මහා සංඝරත්නය ආශිර්වාද අනුශාසනා කරනු ලැබූහ.